උඩරට නර්තන කලාව ලාංකේය නාමය ලොවට ගෙනයන සාඩම්බර කලාවකි.එය පූජනීය වන්දනීය කලාවකි.එම පිංසාර කලාවෙ ඇරඹුම මෙසේ ය........
පුරාවෘත්තීන්ට අනුව එකල රජකම් කළ රජු සිහිනයකදී අඳුන් දිවියෙක් තමාගේ ඇඟට පනිනු දැක ඇත. එකල පැවති විශ්වාසයට අනුව, එම සිහිනය කුවේණියගේ ශාපය තමාමත පතිත වීමක් යැයි සැලකූ රජු ඉන් දරුණු ලෙස රෝගාතුර විය. මෙම රෝගය සුව කිරීම පිණිස රජු විසින් කළ ඉල්ලීමකට අනුව යැකැදුරන් පිරිසක් ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි අතර ඉන් පසු රජුහට කොහොඹා කංකාරිය නම් වූ ශාන්ති කර්මය සිදු කරන ලදී. මෙයින් රජු සම්පූර්ණ සුවය ලැබූ බවත්, දැනට පවතින උඩරට සාම්ප්‍රදායික නැටුම් කලාවේ මූලාරම්භය මෙය බවත් ඉතිහාසයේ සඳහන් වේ.
මෙම නැටුම් සම්ප්‍රදායට ලාංකීය අන්‍යන්‍යතාවයක්ද එක් කොට ගනිමින් ඒ හා සම්බන්ධ වූ විශේෂ කුලයක් උඩරට රාජධානිය තුළ බිහි වූ අතර ඔවුහු දළදා වහන්සේට තේමාවන් පවත්වන කුලයේම විශේෂයේම කොටසක් වූහ. එමෙන්ම මොවුහු දළදා පෙරහැරේ ප්‍රධාන නැට්ටුවන් කොටසක් වශයෙන් ද පිළිගැනීමට ලක්වූහ.
බ්‍රිතාන්‍යයන්ගේ උඩරට ආක්‍රමණයත් සමග උඩරට රාජධානිය බිඳ වැටුණු අතර මෙම සාම්ප්‍රදායික නැටුම් කලාවද ඒ හා සමගාමීව අභාවයට පත් විය. නිදහස ලැබිමත් සමග මෙම සුවිශේෂී කලාවේ ශේෂයන් තුළින් නැවතත් උඩරට සාම්ප්‍රදාය පණ ගැණුනු අතර අදටත් ලාංකීය සමාජයේ සාම්ප්‍රදායික නැටුම් වර්ග උඩරට නැටුම් කලාව දැකගත හැක.
පුරාවෘත්තයන්ට අනුව, උඩරට නර්තනය ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වූයේ මෙරටට පැමිණි ඉන්දියානු යකැදුරන් පිරිසක් විසින් පවත්වන ලද කොහොඹා කංකාරිය නම් වූ ශාන්තිකර්මයක් මගින් යැයි විශ්වාස කෙරේ.
පුරාවෘත්තයන්ට අනුව, ඉන්දියානු යකැදුරන් මෙරටට පැමිණියේ කුවේණිය විසින් විජය රජුට සිදුකල දිවි දෝෂය ඔහුගෙන් පසු පඬුවස් දෙව් රජුට වැළඳී ඔහු අසාද්‍ය වූ පසු ඔහු සුව කිරීමටය. රජු යකැදුරන්ට පැවසුවේ දිවියෙක් තමාට පහර දෙනු නිතර නිතරම සිහිනෙන් පෙනෙන අතර එය තමාට මහත් පීඩාවක් බවයි. එය විජය රජුගේ පලමු බිසව වූ කුවේනියගේ ඉන්ද්‍රජාලික මායාවක් නිසා ඇති වූවක් බව විශ්වාස කෙරිණි. කොහොඹා කංකාරිය නම් වූ ශාන්තිකර්මය පැවැත්වීමෙන් පසු රෝගය සම්පූර්ණයෙන්ම සුව වූ අතර එය බෙහෝ ස්වදේශිකයන්ගේ අවධානයට ලක් විය.
මෙය මූලිකව ඉදිරිපත් කරන ලද්දේ උඩරට රාජ්‍ය ක්‍රමය විසින් නම් කරන ලද විරල කුලයක නැට්ටුවන් විසිනි. මොවුහු ශ්‍රී දළදා මාලිගාවේ රැකියාවන්ට අනුයුක්තව රාජකාරි කල අතර වාර්ෂිකව පවත්වනු ලබන ශ්‍රී දළදා පෙරහැරේදී සුවිශේෂී මෙහෙයක් ඉටු කළහ.
උඩරට රජවරුන්ගේ අනුබලය යටතේ පැවත ආ මෙම සාම්ප්‍රදායික නැටුම් ක්‍රමයේ ජනප්‍රියත්වය බ්‍රිතාන්‍ය පාලන සමයත් සමග තරමක් දුරට හීන විය. වර්තමානයේදී එය නැවත උද්‍යෝගිමත් වී වේදිකාවට ගැලපෙන ලෙස හැඩගස්වා ඇති අතර ශ්‍රී ලංකාවේ මූලික සංස්කෘතික අංගයක් ලෙස කැපී පෙනෙයි.
උඩරට නර්තන සම්ප්‍රදාය මහනුවර, සත්කෝරළය, සතර කෝරළය, උඩුනුවර, යටිනුවර, දුම්බර, හේවාහැට, මහනුවර ප්‍රදේශ වල ප්‍රචලිතය. උඩරට නර්තන සම්ප්‍රදායයේ මූලික වාද්‍ය භණ්ඩය ගැටබෙරයයි.එසේම උඩරට නර්තන සම්ප්‍රදාය වෙස් ඇඳුම් කට්ටලය මූලික කොට ගෙන නර්තනය කෙරේ.පෙර කී උඩරට නර්තන සම්ප්‍රාදායේ ආරම්භයට හේතු කාර්ණ වූ කොහොඹා කංකාරි ශාන්තිකර්මය උඩරට නර්තන සම්ප්‍රදායයේ මූලිකම ශාන්තිකර්මයයි.මෙම සම්ප්‍රදාය තුළ විනොදාස්වදය අරමුණූ කොට ගෙන රචිත වන්නම් 18 ක් දක්නට ලැබේ.