Thursday, May 5, 2022

පහතරට නර්තන සම්ප්‍රදාය

 ලංකාවේ රයිගම, ගාල්ල, මාතර, හම්බන්තොට,කලුතර,මිරිස්ස,බෙන්තර ආදී ලංකාවේ දකුණුදිග මුහුදුබඩ ප්‍රදේශ වල මෙම නර්තන සම්ප්‍රදාය ප්‍රචලිතය. පහතරට සිංහලයන් විසින් පහතරට නර්තන සම්ප්‍රදායට අපූර්ව නිර්මාණ බිහි කර තිබෙනු දැකිය හැකිය. ගොවිබිම ජනජීවිතය ජන ජීවිතයේ විශේෂ අවස්ථා සශ්‍රීකත්වය නිරෝගිබව ආරක්ෂාව ආදී කරුණු මූලික කරගෙන පහතරට නර්තන කලාව බිහි වෙයි.





පහතර නර්තන සම්ප්‍රදායේ මූලික වාද්‍ය භාණ්ඩය පහතරට  බෙරය හෙවත් දෙවොල් බෙරයයි.එය යක් බෙරය ලෙසින් ප්‍රචලිතව පවතී. පහතරට නර්තන සම්ප්‍රදායේ මූලික ඇඳුම් කට්ටලය දෙවොල් ඇඳුම් කට්ටලය/තෙල්මෙ ඇඳුම් කට්ටලයයි.  පහතරට නර්තන සම්ප්‍රදායේ ප්‍රද්හාන ශන්තිකර්මය දෙවොල්මඩු ශාන්තිකර්මයයි.පත්ති දේවතාවිය සහ දෙවොල් දෙවි මූලික වූ දෙවිවරු රැසක් පුද ලබන මෙම ශාන්තිකර්මයට පසුබිම් වී ඇත්තේ සේරමාන රජු හා සබැඳි කතාපුවතකි.


දිනක් සේරමාන රජ තුමා දිය කෙළියෙහි යෙදෙන අවස්ථාවේ විලෙහි තිබූ මානෙල් කඩා එය අවසාන කළ විට එහිසිට මැඩියෙකු නාසය දිගේ මොළයට ගිය බවත් මේ නිසා රජු හට දරුණු හිසරදයක් වැළඳුණු බවත් එම හිසරදය දුරු කිරීමට දෙවොල් මඩු ශාන්තිකර්මය පවත්වා ඇති බවත් මෙම කතා පුවතින් අනාවරණැය වෙයි. පත්තිනිය දෙවියන් මෙහි මූලික වශයෙන් පුද සත්කාර ලබන අතර දෙවොල්, කතරගම, නාථ, සමන්, විෂ්ණූ, වාහල, මංගර හා දොළැහ දෙවියන්ද පුද පූජා ලබති.මෙම දෙවොල් මඩු ශාන්තිකර්මය නර්තන අවස්ථා ගායන අවස්ථා වාදන අවස්ථා නාට්‍යමය පෙළපාළි රැසකින් සමන්විතය.

පහතරට නර්තන සම්ප්‍රදායට අයත් වන්නම් හඳුන්වන්නේ සින්දු වන්නම් නමිනි."සින්දු" යන්න ද්‍රවිඩ වදනල් බැවින් සින්දු වන්නම් ඉන්දියාවේ ආභාෂය මත නිර්මාණය වන්නට ඇතැයි සිතන අතර සින්දු වන්නම් 32ක් ඇත.දඹදෙණි යුගයේ අවසාන භාගයේදී හෝ කෝට්ටේ යුගයේ මුල් භාගයේදී මෙම වන්නම් රචනා වී ඇතැයි පිළිගැනේ.සින්දු වන්නම් නිර්මාණය වූ ආකාරය පිළිබඳව මත කීපයකි.තානම,බෙරපදය,කවිය,ඉරට්ටිය යන ආකෘතියෙන්  සමන්විතය. 

රංගවස්ත්‍රාභරණ, සරසිලි, ගායන විලාසය, වාදනය, ශාන්තිකර්ම පුදපූජා රටාව, අංගචලනයන් ආදිය අපූර්වය.භාව ප්‍රකාශන ගුණයෙන් සෙසු නර්තන සම්ප්‍රදායන් අභීබවා සිටී.













No comments:

කොහොඹා කංකාරි ශන්තිකර්මය

  කොහොඹා කංකාරිය     පූජෝපහාර දැක්වීමට පවත්වනු ලබන ශාන්තිකර්මයකි. සතර කෝරළය, සතර කෝරළය, උඩු නුවර, යටිනුවර, හාරිස්පත්තුව, තුම්පනේ, දුම්බර, උඩ...