කොහොඹා කංකාරිය
පූජෝපහාර දැක්වීමට පවත්වනු ලබන ශාන්තිකර්මයකි. සතර කෝරළය, සතර කෝරළය, උඩු නුවර, යටිනුවර, හාරිස්පත්තුව, තුම්පනේ, දුම්බර, උඩපළාත, සත්කෝරළ ප්‍රදේශයන්හි මෙම ශාන්තිකර්මය පවත්වනු ලැබේ. මෙම ශාන්තිකර්මය කොහොඹා කංකාරිය, කොහොඹා කන්කාරිය, කොහොඹා යක්කම යන නම් වලින් හඳුන්වා ඇත.
පඬුවස්දෙව් රජුට වැදුනා වූ දිවිදෝෂය තුරන් කිරීම සඳහා ශාන්තිකර්ම රාශියක් කරවූ බවත් එසේ පැවැත්වූ එක් ශාන්තිකර්මයක් කොහොඹා කංකාරිය නමින් හැඳින්වූ බැවත් කොහොඹායක් කංකාරියේ මහයාතිකාවෙන් කියැවේ.නර්තන, ගායන, වාදන, නාට්‍යමය විචිත්‍ර අවස්ථා රාශියකින් මෙම ශාන්තිකර්මය සමන්විතය.එහෙයින් මෙම ශාන්තිකර්මය හඳුන්වාදීමේදී කොහොඹා කංකාරිය, කොහොඹා කංකාරිය හෝ කොහොඹා යක්කම යයි යොදනු වෙනුවට "කොහොඹා යක් කංකාරිය" යන නම වඩාත් සුදුසු ය.
කොහොඹා කංකාරිය යන නමෙහි අරුත් මොනවාද ?
කොහොඹා :
'කොහොඹා යනු මෙම ශාන්තිකර්මයේදී පළමුවෙන්ම වඩින්නට වරම් ලබන දෙවියන්ගේ නම වේ. කොහොඹා යක් කංකාරිය පවත්වන්නේ අලුත් කොහොඹා, පරණ කොහොඹා සහ මහ කොහොඹා යන කොහොඹා දෙවි තුන්කට්ටුව මූලික කොට ගෙනය.පඬුවස්දෙව් රජුට වැදුණා යයි කියන දිවිදොස සුවපත් කිරීම පිණිස මලය දේශයෙන් පැමිණි මලය රජු එකී ශන්තිකර්මය අවසාන ලර ආපසු යන අවස්ථවේදී වැලිහෙළ නම් ග්‍රාමයේ කොහොඹ ගසක් යටදී කුමාරයෙකු නොමර යක් කළේය.ඒ කුමාරයා අලුත් කොහොඹා නමින් හැඳින්විය.ඔහුට මලය රජු විසින් එම ශාන්තිකරමයේ දෙවිවරුන් අතර මූලිකස්ථානය දුන්නේය. ඒ බව කොහොඹ කංකාරියේ කොහොඹ දෙවි කෝල්මුර වලින් මකියැවේ. ඔහු කොහොඹ ගසක් මුලදී හමු වූ නිසා කොහොඹ යන නම දුන් බව එම කවි වලින් පැහැදිලි වේ. මෙම ශාන්තිකර්මයට කොහොඹ යන පදය එකතු වූයේ එකී මූලික දෙවියන් කොහොඹ යන නමින් හඳුන්නු ලැබූ හෙයිනි.
යක් :
මෙම ශාන්තිකර්මයෙහි 'යක්' උඅන පදය යක්ෂ අර්ථයෙහි පමණක් නොව 'දෙවි' යන අර්ථයෙහිද යෙදේ. කොහොඹා යක් යන්නට කොහොඹා නැමැති යක්ෂයා හෝ කොහොඹා නැමැති දෙවියන් යන අර්ථ දිය හැකිය.
කංකාරිය :
කොහොඹා යක් කංකාරියක් පැවැත්වීමේදී 'කංකාරියක් තියෙනවා' , 'කංකාරියක් නටනවා' යැයි කීම සාමාන්‍ය සිරිතය. මේ අනුව කංකාරි යන පදයෙන්ද කොහොඹා යක් කංකාරිය යන අර්ථයම කියැවේ.
කාරිය යන්නෙන් කාර්යය, ක්‍රියාව, කටයුත්ත, කිස යනා දී අර්ථ ගම්‍යමාන වේ. එහෙයින් කොහොඹා යක් කංකාරිය යනුවෙන් හඳුන්වන්නේ කොහොඹා නැමැති යක්ෂයා හෝ දෙවියාගේ ශාන්තිය අපේක්ෂාවෙන් පුද පූජා සහිතව පවත්වන කාර්යය 'ශාන්රතිකර්මය' යැයි ගැනීම යෝග්‍ය වේ.